
දරුවකු මෙලොව එළිය දුටු පසු දෙමාපියන්ගේ ප්‍රථම කාර්යය වන්නේ එම දරුවාට සුදුසු නමක් තැබීමය. ඒ සඳහා විවිධ ආගම් සහ චාරිත්‍ර අනුව මුලකුරු සොයා ගැනීම ද සිදුවේ. බොහෝ විට ජ්‍යොතිෂය අනුව ඒ ඒ නම්වල බලපාන අක්ෂර අනුව ගණ බැලීම් ද සිදු කෙරේ. බොහෝ විට දෙමාපියන් උනන්දු වන්නේ අසමාන නම් සොයා ගැනීමටය. දරුවන්ට නම් තැබීම හා එම නම්වලට අයත් වන අක්ෂර පිළිබඳව මනෝ විද්‍යාත්මක විමර්ශන ද සිදු කරනු ලැබේ. ඇතැම් විට දරුවන්ට තබන නම්වල අරුත් එම දරුවන්ගේ ගති සිරිත්වලට සමාන වන අවස්ථා ද දක්නට ලැබේ. නමට ගැළපෙන චරිත හිමි පුද්ගලයන් ද බොහෝ විට දක්නට ලැබෙන ඇතැම් දරුවන්ට ශාන්ත යනුවෙන් නම් තබා ඇති අවස්ථා ද හමුවේ. එවැනි උදාහරණ පිළිබිඹු වන නම් ඇති පුද්ගලයන් ඕනෑ තරම් සිටිති. පුනර්භව පර්යේෂණවලදී පෙරභවය හෙළි කළ දරුවන් සහ ඇතැම්විට එම දරුවන් අනාවරණය කළ පෙරභවයේ පුද්ගලයන්ගේ නම් පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කෙරේ. ඇතැම් පුනර්භව සාධකවලදී දක්නට ලැබෙන පෙරභවයේ හැඳින්වූ මේ භවයේදීත් එලෙසම හිමිවී තිබීම අතිශය පුදුම උපදවන සුලුය. පෙරභවයේ නම් එලෙසම හිමි වූ දරු පිරිසක් රටවල් රැසක පුනර්භව පර්යේෂණ අතර දක්නට ඇත. තුර්කිය, බුරුමය, ඇලස්කාව, කැනඩාව, ඉන්දියාව, නයිජීරියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව ද එකම නම හිමි වූ දරුවෝ රැසක් පෙරභව තොරතුරු අනාවරණය කළහ. එවැනි පුනර්තභව සාධක අතර ඇතැම් විට එකම නම හෝ නමේ මුල් අකුරට එකම අක්ෂරය ලබා ඇති බව ද දක්නට ලැබේ. දියේ ගිලීමක් නිසා පෙර භවයේ මරණය සිදුවූ බැව් හෙළි කළ දරුවෙකුට දෙමාපියන් නම් දී තිබුණේ විලියම් ජෝරජ් (Willis George) යනුවෙනි. එම දරුවා බහ තෝරන වියට පත්වීමෙන් පසු පෙරභවය අනාවරණය කළේය. ඔහු හෙළි කළේ පෙර භවයේදී මරණය සිදුවීමට හේතු වූයේ දියේ ගිලීමක් බවය. ඇලස්කාවේදී සිදු කළ එම පුනර්භව පර්යේෂණයේදී හෙළි වූ වැදගත් කරුණක් වූයේ පෙරභවයේදී මරණයට පත් වූ පුද්ගලයාගේ නම ද විලියම් ජෝර්ජ් (William George) බවයි.
සර්පයකු දෂ්ට කිරීම නිසා මරණයට පත්වූ බැව් හෙළි කළ තුර්කියේ දරුවෙක් දෙමාපියන් විසින් නම් කරන ලද්දේ (Cermal) යනුවෙනි. එම දරුවා අනාවරණය කළ තොරතුරු අනුව ඔහුගේ පෙරභවයේ තොරතුරුවලට සමාන පවුලක් සොයා ගැනීමට හැකි විය. එහිදී දක්නට ලැබූ විශේෂත්වය වූයේ පෙර භවයේ තැනැත්තාගේ නම ද (Cemal) බවයි. තුර්කියේ උපත ලද තවත් දරුවෙක් පෙරභවය හෙළි කරමින් වෙඩි තැබීමකින් මරණය සිදුවූ බැව් අනාවරණය කළේය. දෙමාපියන් එම දරුවාට නම් තබා තිබුණේ (Mahmus) යනුවෙනි. එම දරුවා හෙළිකළ පෙරභව තොරතුරු අනුව මියගිය පුද්ගලයා සොයා ගැනීමටත් පෙරභව නෑ හිතවතුන් පිළිබඳව කරුණු සොයා ගැනීමටත් දෙමාපියන්ට හැකි විය. එහිදී අනාවරණය වූ වැදගත් කරුණ වූයේ පෙර භවයේ තැනැත්තාට ද (Mahmus) යනුවෙන් නම් තබා තිබූ බවය. ඇලස්කාවේදී උපත ලද (Henry) නමැති දරුවෙක් පෙර භව තොරතුරු හෙළි කළේය. ඔහු අනාවරණය කළේ පෙරභවයේදී පිහි ඇනුමකට ලක්ව මරණය සිදුවූ බවය. තම සිරුරේ දක්නට තිබූ උපන් ලපයක් ඇති ස්ථානයට පිහි පහර එල්ල වූ බැව් ද එහුට මතක තිබිණි. ඔහු හෙළි කළ තොරතුරු අනුව පෙරභවයේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් සොයා ගැනීමටත් දෙමාපියන්ට හැකි විය. එම දරුවා ප්‍රකාශ කළ පරිදි පෙරභවයේ මරණයට පත්වූ පුද්ගලයාට ද නම් තබා තිබුණේ Henry යනුවෙනි. කැනඩාවේ උපත ලද පෙරභවය හෙළි කළ දරුවකු නම් ලබා තිබුණේ (Jaalmes) යනුවෙනි. එම දරුවා හෙළි කළේ පෙර භවයේ දී මරණයට හේතු වූයේ පිළිකා රෝගී තත්වයක් බවය. ඔහු හෙළි කළ තොරතුරු ද සනාථ කරමින් පෙරභවයේ නිවස සහ ඥාතීන් සොයා ගැනීමට හැකි විය. එම පුනර්භව පර්යේෂණයේදී හෙළි වූ වැදගත් කරුණ වූයේ පෙරභවයේ පුද්ගල නාම ද (Jaames) ලෙස භාවිත කර තිබීමය. තුර්කයේදී උපත ලද තවත් දරුවෙක් දෙමාපියන් විසින් නම් තබන ලද්දේ Hilsyin යනුවෙනි. එම දරුවා අනාවරණය කළ පෙර භවයේ තැනැත්තාගේ නම වූයේ ද (Hilsyin) යනුවෙනි. ඔහුගේ මරණය සිදුව තිබුණේ යුද්ධයට මුහුණ දීම නිසාය. යුද පිටියේ දී මියගිය බැව් එම දරුවා ඉතා කුඩා කලදී දෙමාපියන්ට හෙළි කළේ. නයිජිරියාවේ සහ ඉන්දියාවේ සිදු කළ තවත් පුනර්භව පර්යේෂණ කිහිපයකදී පෙරභවයේදී නමේ මුලකුරුවලට සමාන නම් ලබා සිටි දරුවන් රැසක් හමු විය. නයිජීරියාවේ උපත ලද එක් දරුවෙකුට නම් දී තිබුණේ Wagane Sene යනුවෙන් පෙරභවයේ පුද්ගල නම භාවිත වී තිබුණේ Wagane Sene යනුවෙනි. ඉන්දියාවේ පෙරභවය හෙළි කළ දරුවෙක් නම් කර තිබුණේ (Pappu) යනුවෙනි. මිනීමැරුමක් නිසා මරණයට පත්වූ බැව් එම දරුවා හෙළි කළේය. එම තොරතුරු අනුව පෙරභවයේ නිවසත් නෑදෑ පිරිසත් සොයා ගැනීමට එම දරුවාට හැකි විය. එහිදී අනාවරණය වූයේ පෙර භවයේ පුද්ගලයා (Pappu) යනුවෙන් හඳුන්වා ඇති බවය. මේ අයුරින් පෙර භවයේ නමට මුල් අක්ෂර ඒ අයුරින්ම පෙර භවයේ හෙළි කළ දරුවන්ගේ නමේ මුලකුරු ලෙස ලබා තිබූ පුනරහව සාධක රැසක් පර්යේෂණ අතර දක්නට තිබේ. කැනඩාවේ පුනර්භව පර්යේෂණයකදී පෙරභවය හෙළි කළ දරුවා හැඳින්වූයේ විල්ප්‍රඩ් ලෙසය. ඔහු හෙළි කළ තොරතුරු හෙළි කළ දරුවා (James) ජේම්ස් විය. ඔහු හෙළි කළේ පෙරභවයේදී ගුවන් නියමුවෙකු ලෙස සේවය කරමින් සිටියදී මිය ගිය බවය. එම දරුවා අනාවරණය කළ පෙරභවයේ ගුවන් නියමුවාගේ තොරතුරු සොයා ගැනීමටත් එම පුනර්භව සාධකය අනාථ කිරීමටත් දෙමාපිස්නට හැකි විය. එම දරුවා අනාවරණය කළ පෙරභව ගුවන් නියමුවාගේ නම වූයේ ද ජේම්ස් ය. (James) ජේම්න්ගේ එම කතා පුවත ද එක හා සමාන නම් ලබා උපත ලැබූ පුවත ද එක හා සමාන නම් ලබා උපත ලැබූ පුනර්භව සාධකයක් ලෙස පර්යේෂණ අතරට එක්වී තිබේ.පෙර භවයේ මියගිය දරුවාට තිබූ නම ඒ අයුරින්ම යළි උපන් දරුවාට හිමි ව තිබූ තවත් අතිශය පුදුම පුනර්භව සාධකයක් මීට වසර කිහිපයකට උඩදී ගම්පහ ප්‍රදේශයෙන් අනාවරණය විය. ළිඳේ වැටීමක් නිසා මරණයට පත්වූ දරුවෙකුට දෙමාපියන් නම් දී තිබෙන්නේ සම්පත් රුවන් යනුවෙනි. එම දරුවා වයස අවුරුදු පහක පමණ වියේදී නිවස ඉදිරිපිට ළිඳේ වැටීම නිසා මරණයට පත් විය. වසර කිහිපයකට පසු ඊට සැතපුම් (8) අටක් පමණ දුරින් පිහිටි නිවසක උපත ලැබූ දරුවා දෙමාපියන් විසින් නම් කරනු ලැබුවේ ද සම්පත් රුවන් ලෙසය. මෙවැනි එක හා සමාන පුනර්භව නම් ලැබීම පිළිබඳව ජර්මනියේ ගොටින්ගන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්යවරයෙකු වූ සූට් බර්ට් අර්ටල් ද පර්යේෂණයක් පැවැත්වීය. මනෝ විද්‍යාත්මක විශේෂත්වයක් ඇති එකම නම් ලැබූ පුනර්භව සාධකයක් ලෙස සම්පත් රුවන්ගේ කතා පුවත පරියේෂන වතාවකට ද ඇතුළත් කර ඇත.
Comments
Post a Comment